සොල්දාදුවෝ සිරියාවේ රඳවන්න තීරණයක්



උතුරුදිග සිරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන් පිරිසක් රැඳවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උපදෙස් ලබා දුන්නැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය කියයි.

මෙම හමුදා සොල්දාදුවන් තව දුරටත් සිරියාවේ රැඳී සිටිනු ඇත්තේ, කුර්දි වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි ද පැවැසෙයි.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සිරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන්ගෙන් කොටසක් ගෙන්වා ගැනීමට පියවර ගත්තේ මීට සති දෙකකට පෙරය.

ඇමෙරිකා හමුදා ඉවත්ව යද්දී, තුර්කිය කුර්දිවැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේය. කෙසේ නමුත් ඇමෙරිකා රජය සහ තුර්කි රජය අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීම පසුගිය 18 වැනිදා සිදුවිය.

දින පහක කාලයක සටන් විරාමයකට අකමැත්තෙන් කැමැති වීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් කටයුතු කළේ ඇමෙරිකාවෙන් එල්ල වූ බලපෑම නිසාය.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS