සොල්දාදුවන් ඉවත් කරන්න එපා



සිරියාවේ සිටින ඇමෙරිකානු සොල්දාදුවන් ඉවත් කර නොගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

තවදුරටත් සිරියාව තුළ අමෙරිකානු සොල්දාදුවන් රඳවා තබන ලෙසට ප්‍රංශ ජනාධිපතිවරයා ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිරියාවේ සිටින අමෙරිකානු සොල්දාදුවන් ඉවත් කරගන්නා බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් ප්‍රංශ ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස අමෙරිකානුවේ ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසා ඇත්තේ සිරියාවේ සිටින අමෙරිකානු සොල්දාදුවන් ඉවත් කරගැනීමේ තීරණය ජනාධිපති ට්‍රම්ප් විසින් වෙනස් නොකරනු ඇති බවයි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී.ඇසුරෙනි.


RECOMMEND POSTS