සේවයෙන් ඉවත් කළාට වන්දියක්



අනතුරු ඇඟවීමකින් තොරව සේවයෙන් ඉවත් කළ සේවකයෙක්ට විශාල වන්දි මුදලක් ගෙවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

නොගෙවූ වැටුප්, පාරිතෝෂික හා වන්දි වශයෙන් එමිරේට්ස් ඩිරාම් 267,113 ක වන්දියක් සේවකයාට ගෙවන ලෙස කම්කරු අධිකරණය සේවා යෝජකයාට නියෝග කර ඇත.

සේවා යෝජකයා ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් අබුඩාබි කම්කරු අභියාචනාධිකරණය එම වන්දි මුදල ඩිරාම් 267,113 සිට ඩිරාම් 192,000 දක්වා අඩු කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS