සේවකයින් 3000 ක් ඉවතට



කුවේට් නොවන රජයේ සේවකයන් තුන්දහසකට වැඩි පිරිසක් රජයේ සේවයෙන් ඉවත් කිරීමට කුවේට් රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රජයේ රැකියා අවස්ථා කුවේට් ජාතිකයන් වැඩි පිරිසකටලබාදීමේ අරමුණින් අදාල තීරණය ගෙන ඇත.

අදාල තීරණය අනුව,  කුවේට් නොවන රජයේ සේවකයන් තුන්දාහස් එකසිය හතළිහකගේ(3,140) සේවා ගිවිසුම් අවලංගු කිරීමට නිර්දේශ කර ඇත.

අමාත්‍යාංශ සහ රජයේ ආයතනවල සේවය කරන 44,575කට ආසන්න සේවකයන් පිරිසක් ඉදිරියේදි ඉවත් කිරීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS