සේවකයන් ඉවත් කරන්න යයි



කුවේට් රාජ්‍යයේ සේවය කරනු ලබන විදේශික ශ්‍රමිකයින් 3000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට එරට රජය පසුගියදා කටයුතු කර තිබේ.

තවත් රාජ්‍ය අංශයේ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල සේවය කරන කුවේට් ජාතිකයින් නොවෙන සේවකයින් 45000 කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමටද කුවේටය අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එලෙස විශාල ප්‍රමාණයක විදේශිකයින් සේවයෙන් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත්තේ රජයේ රැකියා අවස්ථා කුවේට් ජාතිකයින්ට වැඩි වශයෙන් ලබා දීම අරමුණින් බව  ද එම වාර්තා සඳහන්  කරයි. 

අදාළ තීරණයට අනුව, කුවේට් ජාතිකයින් නොවෙන රජයේ සේවකයින් තුන්දහස් එකසිය හතළිහකගේ (3140) සේවා ගිවිසුම් මේ වනවිට අවලංගු කිරීමට කුවේට් රජය කටයුතු කර ඇත.

මෙම තීරණය ඉදිරි කාලයටත් බලපැවැත්වෙන බැවින් මේ සමඟ ඉදිරි කාලයේදී කුවේටයේ ශ්‍රම වෙළඳපොළ තුළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙනු ඇති බව බොහෝ දෙනෙක් ප්‍රකාශකර තිබේ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS