සේවක වැටුප් කපා හරින්න අවසර



කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ලවී ඇති සෞදි පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් හා වැඩකරන කාලය අඩු කිරීමට අවසර හිමි වෙයි.

කෙසේ වෙතත්, වැටුප් හා වැඩකරන කාලය අඩු කළ හැක්කේ සේවකයින්ගේ කැමැත්ත ඇතිව පමණක් බවත්, අඩු කරන ලද වැටුප් ප්‍රමාණය සහ වැඩ පැය ගණන නිවැරදිව සඳහන් කළ යුතු බව මානව සම්පත් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

සේවකයින්ට සිදුවන ඕනෑම අසාධාරණයක් අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හෝ සමාජ ජාල මධ්‍ය හරහා දැණුම් දිය හැකි බව මානව සම්පත් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ, සාද් අල්-හමඩ් පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS