සේරම සම්මාන පිරිමින්ට



ස්ත්‍රී පුරුෂ භේදය තුරන් කරමින් සමානාත්මතාව ඇති කිරීම වෙනුවෙන්  රාජ්‍ය දෙපාර්තමේන්තුවල නිලධාරීන් සහ නිලධාරිනියන් ඇගැයීමේ සම්මාන උලෙළක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි හි පැවැත්විණි.

සම තැන දීම කෙසේ වෙතත්, සම්මානවලින් පිදුම් ලැබ ඇත්තේ පිරිමි නිලධාරීන් සහ රාජ්‍ය සේවකයන් පමණක් බව ට්විටර් සමාජ ජාලය ඔස්සේ විවේචන එල්ල වී ඇත.

සම්මාන පිරිනැමීම සිදු කළේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති මෙන්ම, ඩුබායි පාලකයා ද වන ෂෙයික් මොහොමද් බින් එෂීද් අල් මක්ටෝම් අතිනි.

ඩුබායිහිදීය (අල් ජසීරා)

 


RECOMMEND POSTS