සෙල්ෆි කූරෙන් ගිනස් වාර්තාවක්



සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල සම්බාධක හමුවේ වුවද නොසැලී සිටින කටාර් රාජ්‍යයේ තරුණ තරුණියන් එක් වී අපූරු ගිනස් වාර්තාවක් තැබීමට සමත් විය.

ඒ, ‘ලොව දිගම සෙල්ෆි ස්ටික්’ ආධාරයෙන් වැඩිම පිරිසක් එකට එක් කරමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමෙනි.

මේ සෙල්ෆි ස්ටික් මීටර් 18 ක් දිගින් යුත්ක වෙයි. එය යොදා ගිමින් සෙල්ෆි ඡායාරූප ගැනීම සිදුවූයේ පසුගිය 19 වැනිදා ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයකදීය.

ගිනස් කමිටුවේ සාමාජිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටි අතර, ලෝක වාර්තාව පිහිටුවීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ වූ පිරිස වෙත සහතික පත්‍රයක් ද පිරිනැමුණු බව වාර්තා වේ.

මීට පෙර සේ අයුරින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබුණේ ඩුබායිහිදීය. එහිදී යොදා ගත් සෙල්ෆි ස්ටික් එකේ දිග මීටර් 16 ක් පමණක් විය.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS