සෙබළියන්ට අදාල කොන්ද්සි



සෞදි කාන්තාවන්ට හමුදා සේවයට බැඳීමට අවසර ලබාදීමෙන් පසු ඒ සඳහා අදාල වන සේවා කොන්දේසි සෞදි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය.

සෞදි කාන්තාවන්ට හමුදා සේවයට බැඳීමට අවසර ලබාදීමෙන් පසු ඒ සඳහා අදාලවනසේවා කොන්දේසි සෞදි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වයස අවුරුදු 25-35 අතර විය යුතු වන අතර උස සෙන්ටිමීටර් 155කට වැඩි විය යුතු වේ.

සුදුසුකම් සම්පූර්ණ කරන කාන්තාවන්ට විභාගයකට, සම්මුඛ සහ වෛද්‍ය පරීක්ෂණයකට පෙනීසිටීමට සිදු වේ.

පියා විදේශ රටක රජයේ රැකියාවක නිරතව ඔහුත් සමඟ සිටි සෞදි කාන්තාවන්ට හමුදා සේවයට ඉල්ලුම් කිරීමට නොහැකි බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS