සූරා සභාවට නාම යෝජනා කෑඳවයි



ඕමානයේ සූරා සභාවට ඉලෙක්ට්‍රෝනික් නාම යෝජනා කැඳවා ඇති බව වාර්තා වේ.

අදාල නාම යෝජනා 2019 පෙබරවාරි 03 දින සිට පෙබරවාරි 21 දින දක්වා කැඳවා ඇති බව ඕමාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 

සූරා සභාවේ නව (09) වන වගන්තියට සහ මැතිවරණ නීතියේ 34 වන වගන්තියට අනුව, සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට තරඟ කළ හැකි බවත්, අවශ්‍ය ලියකියවිලි සමඟ අයදුම්පත් අන්තර්ජාලය හරහා යොමු කරන ලෙස ඕමාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ප්‍රකාශයට පත් කර ඇති අවසාන දිනයෙන් පසුව යොමු කරන සියළුම අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යාංශය දැනුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS