සූර්ය බලයෙන් වැඩකරන මඟී ආවරණ



ඩුබායි ප්‍රවාහන අධිකාරිය සූර්ය බලයෙන් වැඩකරන මඟී ආවරණ ඉදිකිරීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

විදුලි බලය ලබාගැනීමට නොහැකි ප්‍රදේශවල මඟී ආවරණ ඉදිකිරීමට සැළසුම් කර ඇති අතර දැනට සූර්ය බලයෙන් වැඩකරන මඟී ආවරණ දෙකක් නියමු ව්‍යාපෘතියේ පරීක්ෂණ කටයුතු සඳහා ඉදිකර ඇත.

උත්පාදන කරන විදුලි බලයෙන් මඟී ආවරණ තුල ඇති විදුලි පහන්, වායු සමීකරණ  සහ දැන්වීම් පුවරු ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

මිලියන 1.2ක ජනතාවක් මාසිකව මඟි ආවරණ භාවිතා කරන බව අධිකාරිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස්)


RECOMMEND POSTS