සුළි කුණාටුවක් ඕමානයට



අරාබි මුහුදේ හටගත් කැලැඹිලි ස්වභාවය හේතුවෙන් සුළි කුණාටුවක් හටගෙන ඇති බවත්, එය ඕමානයට කඩා වදිනු ඇති බවත් ඕමාන කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැලීමේ අවදානමක් ඇති බව ද පැවැසෙයි. අනාරක්ෂිත ප්‍රදේශවල වෙසෙන ජනතාව ඉවත් කිරීම සඳහා ඕමාන රජයට තමන් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව කාලගුණ විද්‍යාඥයෝ කියා සිටිති.

(අල් ජසීරා)


RECOMMEND POSTS