සුලෙයිමානී හොඳයි කී පෝස්ට් ඉවත් කරලා



ඉරාන හමුදා නායක ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයත් සමඟ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය රැසක, සුලෙයිමානීගේ හොඳ කියමින් පළ කළ සටහන් (පෝස්ට්) ඉවත් කිරීමට, එම සමාජ මාධ්‍ය ප්‍රධානීන් පියවර ගෙන ඇත.

ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් කසීම් සුලෙයිමානී ඝාතනය කළේ පසුගිය 3 වැනිදාය.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පමණක් නොව ඊශ්‍රායලය ද සුලෙයිමානී දකින්නේ ත්‍රස්තවාදියකු ලෙසය. සුලෙයිමානී නායකත්වය දුන්නේ, ඉරාන විප්ලවීය හමුදාවේ ආධාරක බළඇණියක් වන කුද්ස් බලඇණියටය.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ උපදෙස් පරිදි විදේශවල මෙහෙයුම් සිදුකරන්නේ මෙම කුද්ස් බළඇණියයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS