සුල්තාන්ගේ බිරිඳ මුල්වරට පෙනිසිටියි



ඕමාන් සුල්තාන්, හයිතම් බින් තාරික්ගේ බිරිඳ මුල්වරට ජනතාව ඉදිරියේ පෙනී සිටි බව වාර්තා වේ.

ජාතික ඕමාන් කාන්තා දිනය නිමිත්තෙන් අහද් බින්ට් අබ්දුල්ලා බින් හමාඩ් අල්-බුසයිඩියා ප්‍රථම වතාවට ජනතාව ඉදිරියේ පෙනී සිටි බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

රට වෙනුවෙන් සිදුකරන ලද සේවය වෙනුවෙන් මුල්ම රාජකීය ප්‍රශංසා පදක්කම ඇයට පළඳවා ඇත.

පදක්කම පිළිගැන්වීමේ උත්සවය මස්කට් නුවර සීබ් මාළිගාවේ පැවති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS