සුන්බුන් අතරින් දරුවන් මතුවෙයි



භූමි කම්පාවලින් දෙදරා ගොස්, බිමට සමතලා වුණු නිවෙස්වල සුන්බුන් අතරේ සිරවුණු දරුවන් කීප දෙනකු මුදා ගැනීමට ද දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය.

භූමි කම්පාවෙන් බිමට සමතලා වූ නිවසක සුන්බුන් අතරින්, පණ පිටින් සිටි අලුත උපන් බිලිඳියක සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය.

බිලිඳියක උපත ලබා ඇත්තේ, බිලිඳිය ගේ මව සුන්බුන්වලට යට වීමෙන් පසුවය. දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට බිලිඳා හමුවන විටත් පෙකණිවැල හරහා ඇය මවට සම්බන්ධ වී සිටියාය.

බිලිඳියගේ මව, පියා, සොහොයුරා සුන්බුන්වලට යටවී මියගොස් සිටි බව ද පැවැසෙයි. බිලිඳිය කඩිනමින් රෝහලකට යැවුණු බවත් ඇයට අවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දුන් බවත්, ඇගේ තත්ත්වය යහපත් බවත් තුර්කි පුවත් සේවා වැඩි දුරටත් පවසා තිබේ.

භූමි කම්පාවත් සමඟ බිමට සමතලා වුණු නිවසේ සුන්බුන් අතරේ පැය 40 ක් සිරවී සිටි එකම පවුලේ සාමාජිකයන් පස් දෙනකු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ද වාර්තා විය. මෙසේ බේරා ගැණුනේ මව, පියා සහ දරු දැරියන් තිදෙනෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS