සුදුසු වාතාවරණයක් නෑ



සිරියාවේ තම තානාපති කාර්යාලය යළි විවෘක කරමින්, සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් සමඟත්, සිරියානු රජය සමඟත් යහපත් සබඳතා පවත්වා ගෙන යෑමට ‘සුදුසු වාතාරණයක්’ තවමත් දකින්න නොලැබෙන බව කටාර් රාජ්‍යය කියයි.

මේ බව කියා සිටියේ කටාර් රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී ය.

‘සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේදීයි. එදා සිරියාවට අරාබි ලීගයේ සාමාජිකත්වය අහිමි කරනු ලැබුවා. කටාර් රාජ්‍යය ඒ තීරණය අනුමත කළා. 2011 වසරේ සිරියාවේ පැවැති තත්ත්වය තවමත් වෙනස් වී නැහැ. එහෙයින් අපට හැකියාවක් නැහැ සිරියානු රජය සමඟ යළි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගන්න.’ යැයි ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පෙන්වා දී ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS