සී.අයි.ඒ. ලොක්කා ඉරාන හමුදාපතිට ලියලා



ඇමෙරිකානු සී.අයි.ඒ. ප්‍රධානී මයික් පොම්පියෝ, ඉරාන හමුදාපති ජනරාල් ක්වසීම් සොලෙයිමානීට ලිපියක් යවා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානියා එම ලිපියෙහි දක්වා ඇත්තේ, ඇමෙරිකාව සහ ඉරාකය අතර පවතින සබඳතාවලට හරස් නොවන ලෙසය. ඉරානය සහ ඉරාකය එක ළඟ පිහිටි රටවල්ය. කාලාන්තරයක් තිස්සේ දෙරට අතර විරසකයක් පැවැතිණි.

කෙසේ නමුත් අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන් ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරද්දී, ඉරාන හමුදාවේ සහාය ඉරාක හමුදාවට සහ රජයට හිමිවිය.

අද වනවිට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමටත්, ත්‍රස්තවාදීන් අල්ලා ගත් නගර මුදා ගැනීමටත් ඉරාක හමුදාව සමත් වී ඇත. ඒ, සමඟ ඉරාක ඉරාන සබඳතා වර්ධනය විය. ඒ අනුව, ඇමෙරිකාව සහ ඉරාකය අතර පවතින සබඳතාවලට ඉරාක ඉරාන මිත්‍රත්වය තර්ජනයක් වී ඇත.

ඇතැම් ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙන්නේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරයට මයික් පොම්පියෝ පත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැරැසෙන බවය.

(ප්‍රෙස්ටීවී)

 


RECOMMEND POSTS