සී.අයි.ඒ. මෙහෙයුම් අවසන්



ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය රහසේ සිරියාවේ සිදු කරන මෙහෙයුම් නැවැත්වීමට ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය අනාවරණ කර ඇත.

සිරියානු රජය පෙරළා දැමීමට සටන් වදින කුර්දි සටන්කාමීන්ට දිගින් දිගටම ඇමෙරිකාවේ සහාය හිමිවන නමුත් සී.අයි.ඒ. බුද්ධි අංශය මැදිහත් වී සිදු කරන මෙහෙයුම් නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇතැයි වොෂින්ටන් පෝස්ට් පුවත් වැඩි දුරටත් වාර්තා කර තිබේ.

බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන් වදින විපක්ෂ දේශපාලන සන්නද්ධ කල්ලිවලට ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය සහාය පළ කිරීම ආරම්භ කළේ 2013 වසරේ සිටය. ඒ, බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දීය.

ජනපති ඔබාමා සහ එවකට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරිය වුණු හිලරි ක්ලින්ටන් සහාය දැක්වූයේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට අවි අතට ගත් විපක්ෂ සන්නද්ධ කල්ලිවලටය.

ඇමෙරිකාවෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වූයේ විපක්ෂය සන්නද්ධ කල්ලි සමඟ අත්වැල් බැඳගෙන සිටි අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ සිරියානු අර්බුදයට මැදි වී සිටින රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට යැයි ද ට්‍රම්ප්ට විවේචන එල්ල වී ඇත. ජී 20 සමුළුවට සමගාමීව ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතරේ හමුවක් පැවැත්විණි.

එහිදී සිරියානු අර්බුදය ගැන ද සාකච්ඡා පැවැත්වුණු අතර සිරියාවට සටන් විරාමයක් හඳුන්වා දීම ගැන පොදු එකඟතාවක් ද ඇති කර ගැණින.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS