සී.අයි.ඒ. ප්‍රධානියා සෞදි රජු හමුවෙයි



ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී ජීනා හැස්පෙල් සෞදියට පැමිණ, සෞදියේ සල්මාන් රජු ඇතුළු සෞදි ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවූවාය.

සී.අයි.ඒ. ප්‍රධානී ජීනා හැස්පෙල් සෞදියේ රියාද් නුවර බලා පැමිණියේ, ට්විටර් සමාගමේ සේවකයන් තිදෙනකු ඇමෙරිකන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුට ගැනීමේ සිදුවීමත් සමඟය.

අත්අඩංගුවට ගැණුනු එම ට්විටර් සමාගම් සේවකයන් තිදෙනා සෞදි රජයේ උදහසට ලක්වුණු පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත සෞදි රජයට ලබා දී ඇත. මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ එෆ්.බී.අයි. කාර්යාංශයේ මැදිහත්වීමෙනි. එෆ්.බී.අයි. නිලධාරීන් පැවැසුවේ ලැබුණු රහස් තොරතුරකට අනුව තමන් අත්අඩංගුවට ගැනීම් කළ බවය.

අත්අඩංගුවට ගත් තිදෙනා ඇමෙරිකානු පුරවැසියන් බව පැවැසෙයි. ඔවුන් වසර ගණනක් තිස්සේ සෞදි රජය සමඟ සමීප සබඳතා පවත්වා ඇත. මොවුන් දෙදෙනා 2015 දී සෞදි රජයට එරෙහිව කටයුතු කරන, ට්විටර් ගිණුම් හිමිකරුවන් 6,000 කගේ දත්ත සෞදි රජයට ලබා දී ඇති බව ද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානී ජීනා හැස්පෙල් මේ සම්බන්ධයෙන් සෞදියේ සල්මාන් රජු, සෞදි බුද්ධි අංශ ප්‍රධානී කලීද් අල් හුමාදීන් සහ විදේශ ඇමැති ෆයිසාල් බින් ෆරාන් කුමරු හමුවී සාකච්ඡා පැවැත්වූවාය.

රියාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS