සිසුන් පිරිසක් උපකරණයක් හදලා



සෞදි සිසුන් කණ්ඩායමක් ශරීර උෂ්ණත්වය මැන ගැනීමට හැකි උපකරණයක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

ශරීර උෂ්ණත්වය වැඩි පුද්ගලයන්ගේ තොරතුරු අදාල උපකරණය මඟින් ආයතනයේ සේවකයන්ව දැණුවත් කිරීම සහ පාරජම්බුල කිරණ භාවිතා කරමින් ජංගම දුරකථන සහ මුදල් පසුම්බි වැනි දෑ විෂබීජහරණය කිරීමට හැකි වීම උපකරණයේ ඇති විශේෂත්වයයි.

ජෙඩ්ඩා නුවර ටෙලිකොම් සහ ඉලෙක්ට්‍රොනික් විද්‍යාලයේ සිසුන් විසින් උපාධි ව්‍යාපෘතියක් ලෙස මෙම උපකරණය නිර්මාණය කර ඇත.

වසංගතය හේතුවෙන් ඇති වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා අප කණ්ඩායම මෙම උපකරණය නිර්මාණය කළ බව කාර්මික ඉලෙක්ට්‍රොනික හා ස්වයංක්‍රීය පාලන ඉංජිනේරු විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක් වන ඇඩෙල් අල්-තෝබයිටි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS