සිවිල් වැසියෝ බොහොමයක් අයි.එස්. ත්‍රස්ත ග්‍රහණයේ



සිරියාවේ සිවිල් වැසියන් බොහොමයක් තවමත් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවන බවත්, ඔවුන් මුදා ගැනීම කඩිනමින් සිදු  කළ යුතු බවත් කුර්දි සටන්කාමීහු පවසති.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටන්වදින කුර්දි සටන්කාමීන්ට ඇමෙරිකාවේ සහාය ලැබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනයට ලක් වී ඇති හෙයින් ඇමෙරිකන් හමුදා ඉවත් කර ගන්නා බවත්, ඉදිරි පැය 24 ඇතුළත ඉතිරි අයි.එස්. ත්‍රස්තවාදීන් ද විනාශ කරන බවත්ය.

මේ වනවිට කුර්දි සටන්කාමීන් ඇමෙරිකාවේ ද සහාය ඇතිව සිරියා ඉරාක දේශසීමාවේ බග්හුෂ් පළාතේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS