සිරුරු කොටස් හමුවෙලා?



තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ කපා දැමූ සිරුරු කොටස් සෞදි කොන්සල් ජනරාල්වරයාගේ නිල නිවසින් හමුවී ඇති බව බ්‍රිතාන්‍යයේ පුවත් සේවා වාර්තා කරයි.

ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, ඝාතකයන් 59 හැවිරිදි ජමාල් කශොග්ජීගේ සිරරු කපාකොටා දමා මුහුණ විකෘති කර ඇති බවය. සෟදි කොන්සල් ජනරාල්වරයාගේ නිල නිවසේ ගෙවත්තේ තිබී සිරුරු කොටස් හමුවුණු බව ද ස්කයි නිවුස් පුවත් සේවයා වාර්තා කර තිබේ.

කෙසේ නමුත් තුර්කිය හෝ සෞදි අරාබිය හෝ මේ බව නිල වශයෙන් තහවුරු කර නැති බව ද ස්කයි නිවුස් පුවත් සේවය පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS