සිරුරු කොටස් සොයයි



තුර්කි ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී මරා දැමුණැයි සැක කෙරෙන ඇමෙරිකන් පුරවැසියකු ද වන සෞදි මාධ්‍යවේදී ජමාල් කාශෝගීගේ සිරුරු කොටස් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි තුර්කි ආරක්ෂක අංශ කියයි.

කොන්සල් කාර්යාලය තුළදී 60 හැවිරිදි මාධ්‍යවේදී කශෝගී මරා ඔහුගේ සිරුරු කැබැලි කර ගෙන ගොස් කොන්සල් කාර්යාලය අසල පිහිටි වනාන්තරයක සඟවන්න ඇතැයි තුර්කි රජය අනුමාන කරයි.

පරීක්ෂකයන්ගේ උපදෙස් පරිදි පොලිසිය එම වනගත ප‍්‍රදේශය සෝදිසි කිරීම ආරම්භ කළ බව ද පැවැසෙයි.

ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වුණු ජමාල් කශෝගී අතුරුදන් වූයේ පසුගිය 2 වැනිදාය.

සෞදි සල්මාන් රජුගේ උපදෙස් පරිදි කොන්සල් කාර්යාලයේ දී කශෝගී ඝාතනය වුණැයි තුර්කි රජය චෝදනා කරයි.

කශෝගී ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගැනීමට තුර්කි ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත කියයි.

කශෝගී මෙම පුවත් සේවයට සම්බන්ධ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ. කශෝගී, ඔයුන්න හිමි සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කළ අයෙකි.

එසේ අත්අඩංගුවට ගත් 15 දෙනාගෙන් හතර දෙනකු ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් බව ද හඳුනාගෙන ඇත.

කෙසේ නමුත් කාශෝගී ඝාතනය සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා ඔටුන්න හිමි සල්මාන් කුමරු තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS