සිරියාවේ හොම්ස් නුවරට ප්‍රහාරයක්: 32 ක් මරුට



බටහිර සිරියාවේ හොම්ස් නුවර ආරක්ෂක කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇතැම් සිරියානු රජයේ පුවත් සේවා වාර්තා කළේ මියගිය ගණන 40 ට වැඩි බවය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ තුවක්කුකරුවන් එම ප්‍රහාරයට පැමිණ ඇතැයි ද වාර්තා වේ.

ප්‍රහාරය සිදු කළේ අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ ‘තරීක් අල් ෂාම්’ ත්‍රස්ත සංවිධානය යැයි පැවැසෙයි.

හොම්ස් නුවර අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති අතර එය යළි මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත් වූයේ 2015 දෙසැම්බරයේය.

මේ අතර සිරියානු අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන සිරියානු සාම සමුළුවට සහභාගී වන එක්සත් ජාතීන්ගේ සිරියානු නියෝජිත බෂාර් අල් ජෆාරී පවසා මෙම ප්‍රහාරය තරයේ හෙළා දැක ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS