සිරියාවේ හොම්ස් නුවර අල් කයිඩා ත්‍රස්තයන්ට ප්‍රහාරයක්



සිරියාවේ හොම්ස් නුවර අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට අයත් සටන්කාමීන් පිරිසකට සිරියානු රජයේ හමුදාව පහර දී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල කළ ඇත්තේ සිරියාවේ සටන් විරාමය ආරම්භ වී ඇති අවස්ථාවකදී යැයි ප්‍රෙස් ටීවී පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී. මරා දැමුණේ අල් කයිඩාවට අයත් ටක්ෆීර් ත්‍රස්තවාදී කල්ලියට අයත් සාමාජිකයන් පිරිසකි.

සිරියානු රජය පවසා ඇත්තේ හොම්ස් නගරයේ විදුලිබල සැපැයීමේ කටයුතු කඩාකප්පල් කිරීමට මෙම ත්‍රස්තවාදීන් උත්සාහ ගත් හෙයින්, ඔවුන් ඉලක්ක කර ගනිමින් පහර දුන් බවය.

 

(ප්‍රෙස් ටීවී ඇසුරිනි)


RECOMMEND POSTS