සිරියාවේ හමුදා සේනාංක අඩු කරනවා : රුසියාව



“රුසියානු සන්නද්ධ හමුදාවල ශ්‍රේෂ්ඨ අණ දෙන නිලධාරියා වන ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ තීරණයකට අනුව සිරියාවේ සිටින හමුදා භට සේනාංක අඩු කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා” යැයි වැලිරී ජෙරයිසමොව් පැවැසීය.   

ඒ අනුව මධ්‍යධරණී මුහුදේ මෙහෙයුම්වල නිතර වූ ගුවන් යානා නැවැත්විය හැකි අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව එහි සිටින භට පිරිස් සිරියාවේ සිට නැවත රුසියාවට පැමිණෙන පළමු භට පිරිස වනු ඇත.  

සිරියානු ආණ්ඩුව හා විපක්ෂ කණ්ඩායම් අතර එකඟත්වය පළ කෙරුණු සාම ගිවිසුමේ කොන්දේසියකට අනුව රුසියාවේ සිටින භට පිරිස් අඩු කරන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැසීය. 

 

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)


RECOMMEND POSTS