සිරියාවේ හමුදා මෙහෙයුම් නතර කරන්නැයි ඉරානය තුර්කියට කියයි.



 

 

(ඉරානය)

තුර්කි හමුදා සිරියාව තුළ ක්‍රියාත්මක කරන හමුදා මෙහෙයුම් ගැන බලවත් කනස්සල්ල පළ කළ ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක බරාම් කසෙමි හැකි ඉක්මනින් එම මෙහෙයුම් නතර කරන්නැයි තුර්කියට කියා සිටියේය.

සිරියාවේ ස්වාධීනත්වයට හා භෞමික අඛන්ඩතාවයට ගරු කළ යුතු බව කසෙමි මෙහිදී අවධාරණයෙන් කියා සිටියේය.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමත්,කලාපයේ ආරක්ෂා හා සථාවරත්වය තහවුරු කිරීමත් කලාපයේ සාමය අගය කරන ජනතාවගේ වැදගත් හා දැඩි ප්‍රතිපත්තියක් වුවත් රටක ස්වාධීනත්වය කඩකිරීම සාධාරණීකරණය කළ නොහැකියයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

තුර්කි හමුදා සිරියාවේ සිටීම කලාපයේ තත්තවය තව දුරටත් අවුල් කිරීමක් බවද ඔහු පැවසිය.


RECOMMEND POSTS