සිරියාවේ වෛද්‍ය ආධාරකරුවෝ මරුට



සිරියානු රජයේ හමුදාවලට සහාය දක්වමින්, රුසියානු ගුවන් හමුදාව ඉඞ්ලිබ් පළාතට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් වෛද්‍ය කඳවුරුවල සහ රෝහල්වල සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය ආධාරකරුවන් මියගොස් ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

ඉඞ්ලිබ් පළාතේ රෝහල් කිහිපයක් ගුවන් ප්‍රහාරවලින් මුළුමනින්ම විනාශ වී ගොස් ඇතැයි තමන්ට වාර්තා වූ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS