සිරියාවේ යුද මුක්ත කලාපයක්



සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දරුණු සටන් ඇවිලෙද්දී, රුසියාව සහ තුර්කිය තීරණය කර ඇත්තේ ගැටුම්වලට මැදිවන් සිවිල් වැසියන් වෙනුවෙන් යුද මුක්ත කලාපයක් නිර්මාණය කළ යුතු බවය.

ඒ අනුව ලබන ඔක්තෝබර් 15 වැනිදා සිට, කිලෝ මීටර් 20 ක් පුරා පැතිරුණු ප්‍රදේශයක් මෙම යුද මුක්ත කලාපය සඳහා තෝරා ගැනීමට නියමිතය.

මේ බව තීරණය කෙරුණේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS