සිරියාවේ මානුෂීය අර්බුදයක්



සිරියාවේ කුර්දි වැසියන් මුල්කොට ගනිමින් නිර්මාණය වූ අර්බුදකාරී තත්ත්වය අලුත් විදි​යේ මානුෂීය අර්බුදයකට මඟ පාදනු ඇතැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කියයි.

ප්‍රංශ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් හදිසි ආරක්ෂක හමුවක් ද පැවැත්වීය. එහිදී ඔහු ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ ප්‍රධානීන් හමුවී කුර්දිවරුන් මුල්කොට ගනිමින් උතුරුදිග සිරියාවේ නිර්මාණය වූ අර්බුදය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.

සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාව පමණක් නොව, ප්‍රංශයේ ද සහාය කුර්දිවරුන් සහ කුර්දි සටන්කාමීන්ට යොමු වෙයි.

කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් තුර්කි රජය එල්ල කරන ප්‍රහාර ප්‍රංශ ජනපතිවරයාගේ දැඩි දෝශදර්ෂණයට ලක් වී ඇති බව ද එරට පුවත් සේවා පෙන්වා දෙයි.

(ඒ.​එෆ්.පී.)


RECOMMEND POSTS