සිරියාවේ මංගල උත්සව



සිරියානු රජය පෙරළා දැමීමට සටන් වදින විපක්ෂ සන්නද්ධ කල්ලි සහ අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජය සහ හමුදාව සමත් වීමත් සමග එරට ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පසුගිය දා සිරියාවේ හොම්ස් නුවරට බටහිරින් පිහිටි වාදි අල් නසාරා නගරයේ යුවතියන් කිහිප දෙනකුගේ මංගල උත්සව පැවැත්විණි.

නවීන පන්නයේ මෝටර් රථ යොදා ගනිමින් එම මංගල උත්සව ජයට පැවැත්වුණු බව ද සිරියානු පුවත් සේවා වාර්තා කරයි.

හොම්ස් නුවර සහ ඒ අවට පළාත් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදාවෝ සමත් වී සිටිති. ඒ, රුසියාවේ සහ ඉරානයේ ද සහාය ඇතිවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS