සිරියාවේ පොඩ්ඩන්ට පෝලියෝ එන්නත්



සිරියාවේ දරුවන් වෙනුවෙන් පෝලියෝ එන්නත් ලබා දීමේ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කළ බව යුනිසෙෆ් සංවිධානය කියයි.

පෝලියෝ එන්නත් ලබා දීමේ වැඩසටහනක් මේ අයුරින් කඩිනමින් ආරම්භ කළේ සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා පැවැති රක්කා සහ ඩයර් අල් සවාර් යන නගරවලින් පෝලියෝ වසංගත තත්ත්වයක් පැවැතීම නිසාය.

සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2011 වසරේය. ඊට පෙර, සිරියානු රජය සහ යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල එක් වී, සිරියාවේ පෝලියෝ එන්නත් ලබා දීම නියමිත පරිදි කියමිත වේලාවට සිදු කෙරුණු බව ද පැවැසෙයි. ඒ කටයුතු සියල්ල සිවිල් යුද්ධයත් සමඟ අඩපණ විය.

සිරියාවේ පෝලියෝ වසංගතයක් ගැන පළමුවෙන් වාර්තා වූයේ 2013 වසරේදීය. යුද ගැටුම් උග්‍රව පැවැති හෙයින්, එන්නත් ලබා දීම කළ නොහැකි විය.

අද වනවිට සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට සිරියානු රජයට හැකියාව ලැබී ඇත. අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබ සිටි නගර රැසක් මුදා ගැනීමට ද සිරියානු රජයේ හමුදා සමත් වී සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS