සිරියාවේ පුරාවස්තු රැසක් විනාශ වෙලා



භූමි කම්පාවේ බලපෑමෙන් සිරියාවේ ඇලෙප්පෝ පුරාවිද්‍යා ස්ථාන රැසකට හානි සිදුවී ඇතැයි පැවැසෙයි.

ඇලෙප්පෝ නගරයේ පුරාණ බළකොටුවක නටබුන් පිහිටා ඇති අතර භූමි කම්පාවෙන් මෙම නටබුන්වලට හානි සිදුවී ඇතැයි පැවැසෙයි. මේ බව පවසා ඇත්තේ සිරියානු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවය.

ඇලෙප්පෝ නගරය ද අයත් ඇලෙප්පෝ ප්‍රාන්තයේ 156 දෙනකු භූමි කම්පාවට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සිරියානු මාධ්‍ය පවසයි. භූමි කම්පාවලින් මියගිය සමස්ත සිරියානු වැසියන් ගණන 1,444 ඉක්මවා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS