සිරියාවේ පිපිරීමකින් 20 ක් මරුට



වයඹදිග සිරියාවේ ඉඞ්ලිබ් නුවර ප්‍රබල පිපිරීමක් සිදුවුණු බවත්, 20 දෙනකු පමණ එයින් ජීවිතක්ෂයට පත්වුණු බවත් සිරියානු පුවත් සේවා වාර්තා කරයි.

ඉඞ්ලිබ් නුවර පවතින්නේ අල් නුස්රා පෙරමුණ නමින් හැඳින්වුණු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේය.

අද මොවුන් පෙනී සිටින්නේ ජබාත් ෆාටා අල් ෂාම් තක්ෆීරී යන නමිනි. මොවුන් අල් කයිඩා අනුබද්ධ ත්‍රස්ත කල්ලියකි.

පිපිරීමට හසුවීමෙන් ත්‍රස්ත සාමාජිකයන් පමණක් නොව, සිවිල් වැසියෝ ද ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 34 කි. කුඩා දරුවෝ දෙදෙනෙක් ද මියගිය පිරිස අතර වෙති.

පුපුරා ගියේ ට්‍රක් රථ බෝම්බයක් යැයි පසුව අනාවරණය විය. එය ප්‍රතිවාදී අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි සැක කෙරේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS