සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස තර්ජන මැද සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි.

මැතිවරණය පැවැත්වීම සිදුවූයේ සිරියානු රජයේ පාලනය යටතේ ඇති පලාත්වල පමණි.
වසර 20 ක් තිස්සේ බලයේ රැදී සිටින සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ බිරිද මුහුණු ආවරණය කර ගනිමින් ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කළේය.

මැතිවරණයට ඉදිරිපත් වන සියලු පක්ෂ ජනාධිපති අසාද්ට සහාය දක්වන පක්ෂ වන අතර, ඔහුට අභියෝගයක් කළ හැකි කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයක් මැතිවරණයට සහභාගී වන්නේ නැත.

මීට පෙර සිරියාවේ මහ මැතිවරණයක් පැවැත්වූයේ 2016 දීය. එයින් ද සිරියානු ජනාධිපති අසාද්ගේ බාත් පක්ෂය ජයග්‍රහණය කළේය. ඒ, ආසන 250 කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 200 ක් දිනා ගනිමිනි.

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය අප්‍රේල් පළමු වැනිදාය. කෙසේ නමුත් වයිරස ව්‍යාප්තිය හේතුවෙන් එය ප්‍රමාද විය.

සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් එරට ආර්ථිකය දරුණු අර්බුදයකට ලක් වී ඇත. කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැනීමත් සමඟ සිරියාවේ සෞඛ්‍ය පද්ධතිය ද බිඳ වැටුණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS