සිරියාවේ පළාත්සභා මැතිවරණයක්



සිරියානු රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශ එක් කරමින් පළාත්සභා මැතිවරණයක් පැවැත්විණි.

2011 වසරේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ නැගී සිටීමත් සමඟ, සිරියානු අර්බුදය ආරම්භ වීමෙන් පසු පැවැත්වෙන පළමු පළාත්සභා මැතිවරණය මෙයයි.

ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද (17) සිරියාවේ වේලාවෙන් උදේ 7ට ආරම්භ විය. ත්‍රස්තවාදීන්ගේ කඩාකප්පල් ක්‍රියා හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් ඡන්ද පොළ සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාවලට ලබා දී ඇත.

පළාත්සභා 18,478 ක් වෙනුවෙන් නියෝජියන් තෝරා පත් කර ගැනීම මෙම මැතිවරණයේ අරමුණය. අපේක්ෂකයන් 40,000 ක පිරිසක් මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව පැවැසෙයි.

විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සහ සිරියානු රජය අතර අර්බුදය සිවිල් යුද්ධයක් බවට පත් වූයේ, සිරියානු රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලදී විපක්ෂය ඉස්ලාමීය සන්නද්ධ කල්ලි එක් කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟය. අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ලොව අංක එකේ ත්‍රස්ත සංවිධානයක් බවට පත් වූයේ ද ඒ අනුවය.

අද වනවිට සිරියානු අර්බුදයට රුසියාව, ඉරානය සහ තුර්කිය සම්බන්ධ වී සිටී. මෙම රටවල් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පොදු සතුරකු සේ සලකා සටන් වදී. ඇමෙරිකාව රහසේ අල් කයිඩා හිතවාදී කුර්දි ත්‍රස්ත සංවිධානවලට සහාය දෙයි. මොවුන් සෘජුව සිරියානු විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධකම් පවත්වයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS