සිරියාවේ නගරයක බෝම්බ පිපිරේ



උතුරුදිග සිරියාවේ කමිෂ්ලි නගරවේ කාර් බෝම්බ තුනක් පුපුරා යෑමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම නගරය කුර්දිවරුන් සතුව පවතී.

ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් යැයි සැක කෙරේ.

ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 21 කි. කාර් බෝම්බ පුපුරා යෑමත් සමඟ නගරයේ ගොඩනැගිලි රැසක් ගිනි ගත්තේය. ගින්න නිවා දැමීමට ගිනි නිවන හමුදා භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS