සිරියාවේ දින 30 ක සටන් විරාමයක්



එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මැදිහත් වීමෙන් සිරියාවේ දින 30 ක සටන් විරාමයක් ආරම්භ විය.

මෙම සටන් විරාමය සම්බන්ධ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට යොමු කෙරුණු අවස්ථාවේදී, නිත්‍ය සාමාජික රටවල් පහ ඒකමතිකව ඊට කැමැත්ත ලබා දුන් බව වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන්නේ ඇමෙරිකාව, රුසියාව, චීනය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයයි. ඔවුන් ඒකමතිකව තීරණය කළේ යුද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ සහ විපතට පත්වූ සිරියානු සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමේ අරමුණින් මෙම සටන් විරාම යෝජනාවලිය ක්‍රියාත්මක කළ යුතු බවය.

සිරියානු රජය සහ සිරියානු රජයට එරෙහිව සටන් වදින විපක්ෂ දේශපාලන පක්ෂ සහ සන්නද්ධ කල්ලි පවසා ඇත්තේ සටන් විරාමයට තමන් ගරු කරන බවත්, සටන් නැවැත්වීමට පියවර ගන්නා බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS