සිරියාවේ ගූඨා නගරයට ප්‍රහාර



කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ගූඨා නගරයට සිරියානු ගුවන් හමුදාව පහර දී ඇති බවත්, එම ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 77 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

මියගිය 77 දෙනාගෙන් 20 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි.

ගූඨා නගරය සහ ඒ අවට 4,000 කට වැඩි සිවිල් වැසියෝ පිරිසක් ජීවත් වෙති. නගරය කැරැලිකරුවන්ගේ ග්‍රහණයට නතු වූයේ 2013 වසරේ සිටය.

(රොයිටර්)


RECOMMEND POSTS