සිරියාවේ ඉඞ්ලිබ් පළාතට ගුවන් ප්‍රහාර



සිරියාවේ ඉඞ්ලිබ් පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිරියානු සිවිල් වැසියෝ 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

සිරියානු ගුවන් හමුදාව මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළේ සිරියානු විපක්ෂයේ සන්නද්ධ ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමිනි. ප්‍රහාරයට රුසියානු ගුවන් හමුදාවේ ද සහාය හිමිවුණු බව අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඉඞ්ලිබ් පළාත වෙනුවෙන් සටන් විරාමයක් ද ක්‍රියාත්මක වෙයි. සිරියානු රජය සහ විපක්ෂ ක්‍රියාකාරීන් අතර එම  සටන් විරාසය ආරම්භ වූයේ තුර්කිය සහ රුසියාව මැදිහත්වීමෙනි.

සටන් විරාමයක් පැවැතිය ද සිරියානු රජය සහ සන්නද්ධ විපක්ෂ ක්‍රියාරීන් අතරේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS