සිරියාවෙන් ගිය ඇමෙරිකන් සොල්දාදුවෝ ඉරාකයේ



උතුරුදිග සිරියාවෙන් ඉවත් කර ගත් ඇමෙරිකන් සොල්දාදුවන්, ඉරාකයේ ඇමෙරිකන් කඳවුරු වෙත යැවීමට පියවර ගත් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි.

පෙන්ටගන් ප්‍රධානී මාර්ක් එස්පර් කියා සිටියේ, අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී කුර්දි වැසියන් සහ කුර්දි සටන්කාමීන්ගේ සහායට ඇමෙරිකන් සොල්දාදුවන් 1,000 ක පිරිසක් උතුරුදිග සිරියාවට යැවූ බවය.

ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරුවලට යවනු ලැබ ඇත්තේ, අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී, සිරියාවේ උතුරුදිග පළාත්වල කුර්දි වැසියන් සහ කුර්දි සටන්කාමීන්ගේ සහායට සිටි ඇමෙරිකන් සොල්දාදුවන්ය.

ඇමෙරිකන් සොල්දාදුවන් සිරියාවේ උතුරුදිග පළාත්වලින් ඉවත් කර ගැනීම සිදුවූයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුවය.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS