සිරියාවෙන් ඉවත්වීම අරඹයි



ඇමෙරිකන් හමුදා සිරියාවෙන් ඉවත් වීම මේ වනවිට ආරම්භ වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

සිරියාවෙන් ඇමෙරිකන් හමුදා ඉවත් කිරීම ක්‍රමාණුකූලව සිදුවන බවත්, එය සිදුවන්නේ ආරක්ෂාවට මුල්තැන දෙමින් බවත් ඇමෙරිකා හමුදා කර්නල් ෂෝන් රයන් පවසා ඇත.

ඇමෙරිකා හමුදා සිරියාවෙන් ඉවත් කර ගන්නවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ පසුගිය දෙසැම්බර් 19 වැනිදාය. හමුදාව ඉවත් කර ගැනීමේ කටයුතු මාස 4 ක් පුරාවට සිදුවනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS