සිරියාවටත් කොරෝනා



පළමු වරට සිරියාවෙන් කොරෝනා වයිරස ආසාදිත කන්තාවක හමුවුණු බවත් එම කාන්තාව මරණයට පත්වුණු බවත් සිරියානු රජය නිවේදනය කර තිබේ.

යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වුණු, නිසි සෞඛ්‍ය පහසුකම් නොමැති, සිරියානු වැසියන් තවත් අසරණ කිරීමට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සමත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

සිරියාවෙන් තවත් ‘කොවිඞ් 19’ ආසාදිතයන් 9 දෙනකු හමුවී ඇති බවත් ඔවුන්ගෙන් රෝගය තවත් බොහෝ දෙනකුය ව්‍යාප්තවී ඇතැයි තමන් බිය පළ කරන බවත් සිරියානු සෞඛ්‍ය බලධාරිහු පවසති.

සිරියාවේ ප්‍රධාන නගර සියල්ල සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය යටතේ පවතින අතර, වයිරසය පැතිරීම වැලැක්වීමට පියවර රැසක් අනුගමනය කිරීමට ජනපතිවරයා උපදෙස් දී ඇත. දේශසීමා වසා දැමීම සිදු කෙරුණේ මීට සති කිහිපයකට පෙර සිටය.

පාසල් සියල්ල වසා දමා ඇති බවත්, මුස්ලිම් දේවස්ථානවලට දේව මෙහෙයයන් නවතා ඇත. පළාත්වලින් පළාත්වලට ගමන් කිරීම තහනම් කර තිබේ. රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ඩමැස්කස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS