සිරියාවට ‘සාම කලාප’



රුසියාව සහ තුර්කිය මැදිහත් වී, හඳුන්වා දුන් අදසහකට අනුව, සිරියාවේ ගැටුම්පිරි පළාත්වල ‘සාම කලාප’ ආරම්භ කෙරුණි.

රුසියාව සහ තුර්කිය එක්වී, මෙම ‘සාම කලාප’ හඳුන්වා දීම සිදුවූයේ සිරියානු රජයේන් සන්නද්ධ විපක්ෂ ක්‍රියාකාරීන්ගේත් කැමැත්ත අනුවය. කසක්ස්තානයේ ඇස්තානා නුවර සිරියානු සාම හමුව පැවැත්වුණු අතර එහිදී මෙම ‘සාම කලාප’ සඳහා අනුමැතිය හිමිවිය.

වසර 6 කට වැඩි කාලයක් තිස්සේ ඔඩු දුවමින්, 40,000 කට මරු කැඳවූ සිරියානු අර්බුදය අවසන් කිරීමේ අරමුණ ඇතිව මෙම ‘සාම කලාප’ ආරම්භ කළ බව රුසියාව සහ තුර්කිය කියයි.

සිරියානු අර්බුදයේ දී රුසියාවේ සහාය සිරියානු රජයටත්, තුර්කියේ සහාය විපක්ෂ දේශපාලන පක්ෂවලටත් හිමිවෙයි. ‘සාම කලාප’ යනුවෙන් නම් කළ ප්‍රදේශවල ගැටුම් නොපවත්වන බවට සිරියානු රජයේ පාර්ශ්වය සහ කැරැලිකාර විපක්ෂය එකඟ වී ඇත. ‘සාම කලාප 4’ සිරියාවේ පළාත් 14 පුරා තැනින් තැන පිහිටුවා ඇතැයි ද වාර්තා වේ.

(බී.බී.සී./ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS