සිරියාවට හමුදා යවන්න සෞදිය සැරැසෙයි



සිරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගන්නේ නම්, ඇමෙරිකාවට සහාය පළ කිරීමක් ලෙස සිරියාවට හමුදා යැවීමට තමන් සූදානම් යැයි සෞදිය කියයි.

සෞදි රජය වෙනුවෙන් මේ බව කියා සිටියේ එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දෙල් අල් ජුබීර්ය. සිරියානු අර්බුදයට ඇමෙරිකාව සම්බන්ධ වූයේ 2011 වසරේ දී, බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වී සිටිද්දීය.

එදා පටන් ඇමෙරිකාව, සිරියාව සම්බන්ධයෙන් ගන්නා සෑම තීරණයකදී තමන් සහාය පළ කළේ යැයි සෞදිය පෙන්වා දෙයි. ඔබාමා සමඟ පැවැති සුහදත්වයට වඩා සුහදත්වයක් සෞදිය සහ වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ පවතී.

(රොයිටර්)


RECOMMEND POSTS