සිරියාවට හමුදා යවන්න රුසියාව සැරැසෙයි



සිරියාවට හමුදා යැවීම සූදානමින්  සිටින බව රුසියාව කියයි.

රුසියාවේ සහාය හිමිවන්නේ සිරියානු රජයට සහ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ටය. සිරියානු රජයේ හමුදාවට සහාය වීමට හමුදාව යැවීමට තීරණය කළේ රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින්ය.

සිරියානු රජයට එරෙහි සටන් වදින තක්ෆීරී ත්‍රස්තවාදීන්ට විදෙස් රටවල සහාය හිමි වන බවට රුසියාවෙන් චෝදනා එල්ල වී ඇත. තක්ෆීරී යනු නම වෙනස් කළ අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් යැයි ද පැවැසෙයි.

මේ වනවිටත් රුසියානු හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් සිරියාවට ගොස් සිටින බව පැවැසෙයි. ඒ, උපදේශකවරුන් ලෙසිනි. සිරියාවට හමුදා යැවීමට රුසියානු ආරක්ෂක කමිටුවේ ද අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS