සිරියාවට සාමය ගෙන්න තුර්කිය රුසියාව සමඟ අත්වැල් බැඳ ගනී



සිරියාවට සාමය උදා කිරීමෙහිලා ඇමෙරිකාව සහ රුසියාව එක් වී, හඳුන්වා දුන් සටන් විරාමය සහ සාම ගිවිසුම අඩාල වීමත් සමඟ තුර්කිය රුසියාව සමඟ එක් වී නව සාම වැඩපිළිවෙළක් හඳුන්වා දීමට සැරැසෙයි.

තුර්කි ජනාධිපති ටයියෙප් එර්ඩෙගොන් ඊයේ (6) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකතනයෙන් මේ බව සාකච්ඡා කළ බව ද වාර්තා වේ. සිරියාවට සාමය උදා කරදීමට දේශපාලනික විසඳුමක් ලබා දීම එම සාකච්ඡාවල අරමුණ විය.

ලබන ඔක්තෝබර් 9 වැනිදා සිට 13 වැනිදා තෙක් ඉස්තාම්බුල් නුවරදී ලෝක බලශක්ති සමුළුව පැවැත්වෙයි. රුසියානු ජනාධිපති මෙන්ම තුර්කි ජනාධිපති ද මීට සහභාගී වෙති. මෙම සමුළුව අතරතුරේ සිරියානු නව සාම වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

 


RECOMMEND POSTS