සිරියාවට පහර නොදී සිටින්න කොන්ද පණ තියෙන්න ඕනෑ



හැකියාව තිබුණත් සිරියාවට ප්‍රහාරයක් එල්ල නොකිරීමට නම් දේශපාලනික වශයෙන් ‘කොන්ද පණ’ තිබිය යුතු යැයි ධුරයෙන් සමුගෙන සිටින ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

ඔබාමා මෙසේ කියා සිටියේ සිරියානු රජයේ ගුවන් කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි කළ පහරදීමේ සිදුවීම සම්බන්ධයෙනි. ඇමෙරිකාව එසේ සිරියානු ගුවන් කඳවුරට පහර දුන්නේ මීට මාසයකට පමණ පෙරය.

ඔබාමා මෙන් නොව, ට්‍රම්ප් දැඩි තීරණ ගන්නා ශක්තිමත් නායකයකු යැයි බොහෝ දෙනා එම අවස්ථාවේදී පවසන්න විය. සිරියානු අර්බුදය ඔඩුදුවද්දී, ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ ඔබාමාය. සිරියානු රජය අමුඅමුවේ එරට සිවිල් වැසියන් මරා දමද්දී, ඔබාමා නිහඬව සිටි බවටත් සිරියානු රජයට එරෙහිව පහර දීමක් කරන්න අදිමදි කළ බවටත් චෝදනා එල්ල වී ඇත.

කෙසේ නමුත් ඔබාමා ඒ ගැන මෙසේ අදහස් දක්වයි. ඔබාමා මෙසේ අදහස් දක්වා සිටියේ මිලානෝ නුවර සමුළුවකට එක් වෙමිනි. ‘සිරියාවේ හමුදා කඳවුරකට පහර දීලා ට්‍රම්ප් වීරයා වුණා. ඒත් සිරියානු අර්බුදයේදී පහර නොදීමට නම් සැබැවින්ම දේශපාලනමය ධෛර්යයක් තිබිය යුතුයි. පහරදීමකින් ගැටුම් විසඳිය හැකි වන්නේ නැහැ.’ යැයි හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පැවැසීය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS