සිරියාවට පහර දෙන්න පසුබට නෑ



සිරියානු රජය දිගින් දිගටම රසායනික අවි යොදාගෙන කැරැලිකරුවන්ට පහර දෙනවැයි ප්‍රංශය චෝදනා කරයි.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත්තේ සිරියානු රජයේ හමුදා ඉලක්ක කර ගනිමින්, ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් පසුබට නොවන බවය.

රසායනික අවි භාවිතය ඉතා අමානුෂික බවත්, තමන් කිසිසේත් එවැනි ප්‍රහාරයක් අනුමත නොකරන බවත්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් තරයේ කියා සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS