සිරියාවට අත දෙන්න චීනය සැරැසෙයි



යුද ගැටුම්වලින් පසු සිරියාවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට තමන් සහාය දීමට සූදානම් යැයි චීනය පවසයි.

වසර 7 ක් තිස්සේ දිග්ගැස්සුණු සිරියානු යුද්ධය හේතුවෙන් සිදුවී ඇති හානිය අතිමහත්ය.

අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට සිරියානු රජයේ හමුදා සමත් වීමත් සමඟ මේ වනවිට එරට ජන ජීවිතය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබේ.

සිරියානු ජනපති බෂීර අල් අසාද්ගේ උපදේශිකා බෞතානියා සබානා චීනයේ සංචාරය නියැලී සිටින්නීය.

ඇය සහ චීන විදේශ කටයුතු පිළිබඳ ඇමැති වොංග් යී අතර හමුවක් පැවැත්වුණු අතර, සිරියාවේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සහාය දීමට චීනය සූදානම් බව පැවැසිණි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS